ඇත්තටම අද මම මේ පෝස්ට්ටුව ඔයාලට දෙන්නෙ කියන්න බැරි තරම් සතුටකින්...
මොකද අද මම මේ දෙන පෝස්ට්ටු මගෙ 100 වෙනි පෝස්ටුව...
දෙන එකේ හොද දෙයක් දෙන්න ඕන හන්දා මම හිතුව 100 වෙනි පෝස්ටුව විදිහට හැමෝට හැමදාටම වටින මතක හිටින පෝස්ටුවක් දෙන්න...

සමහර විට මේ මගෙ 100 වෙනි පෝස්ටුව කියන එක තව කෙනෙක්ට ගොඩක් පොඩිදෙයක් වෙන්න පුළුවන්...ඒත් මට මේක ලොකු දෙයක්,මොකද ලොකේ කනවයි,නිදියනවයි ඇරෙන්න 
වෙන ලේසි දෙයක් නැනෙ නේද?

කොහොම හරි මේ ගමන එද්දි ගොඩක් බාධක අාවා...මොනවටද බාධක නැත්තෙ නේද?

දෙන්න හදන එක දෙන්න කලින් මේ ගමනට උපකාරයක් වෙච්ච වුනු හැමෝට ස්තූතියි කරන්න ඕන...


හැමවිම හොද දේ තොරලා දුන්න අම්මටත්...
බැන බැන හරි මේ වැඩ කරන්න ඩේටා කාඩ් වලට සල්ලි දුන්න තාත්තටත්...
නිකමට හරි ලයික් එකක් දලා සහය දුන්න යාළුවන්ටයි...
මේ පෝස්ට්ටු කියවල මොකක් හරි ප්‍රයෝජනයක් ගත්ත හැමෝටමයි...
මේ ගමනේදී යම් යම් අයුරින් උදව් කල සැමටයි...

///මගේ හද පිරි ස්තූතිය///

හරි මේ පෝස්ටුව ලියද්දි තව එක දෙයක් කියන්න ඕන...

මේ පෝස්ටුව ලියන්න මේ වදන් මට හදල දුන්නෙ මගෙ අම්මා...
ඉතින් මේ වදන් ඇයට අයිති දේවල්...
මම මේ ලියන්නෙ ඇගේ අවසරයෙන්...
මට කියන්න උවමනා කරේ...
මේ එක් වදනක් හෝ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්
කියන එකයි,

හරි අපි දැන් යමු...


01 නිතරම සතුටින් සිටිමු.
     ඔබ්‍ෙ මුහුණෙ සිනහව නිරන්තරයෙන් තබා ගන්න,එවිට ඔබට කිසිම අභරණයක් අවශ්‍ය නැතිවේවි.

02 ගොසිප් (ඕපදූප)නොසොයොමු.
අපි පිළිබද නිරන්තරයෙන් අන් අයට කථා කිරීමට දේවල් ඇති වේවි,එවිට ඔබ ආකර්ශනීය පුද්ගලයෙකු වේවි. 

03 එකිනෙකාට උදව් කරගනිමු .
ජිවිතයේ කොයි මොහොතේ හෝ අපට අන් අයගේ උදව් අවශ්‍ය වේවි,එවිට අප අතර සුහදතාවයක් ගොඩනැගේවි.

04 වෛරී  පුද්ගලයෙක් නොවෙමු.
සමාජයට - සත්වයාට වෛර කරන්නා අධම පුද්ගලයෙක් මිස අන් කවරෙක්ද?
එවිට අප අතර සිදුවෙන්නා වූ මේ කුරිරු ක්‍රියාදාමයන් වැළකීයාවි.

05 සියළු ආගම්වලට ගරුකරමු.  
අාගමික නායකයන් යනු සමාජයට හැමදාමත් හොදම දේ දුන් අය මිස ආත්මාර්ථකාමීන් නොවේ,
එවිට අපගේ පැවත්ම හා ආධ්‍යාත්මික ගුණ වගාව දියුණුවේවි.

06  එකිනෙකාට ගෞරව කරමු.
අන්නෝන්‍ය ආදරය හා බැදියාව අප මනුසත්කමින් පිරි එකයායක්  කරාවි,එවිට අපට අපගේ වටිනාකම තදින් දැනේවි.

ඔන්න වදන් පෙළනම් ඉවරයි,තව ලියන්න ඕන තරම් තිබුනත් මම මෙතනින් නවතින්නම්...
මේ වගේම තවත් හොදම දෙයක් ඔයාලට අරන් එන පොරොන්දුවෙන් මම ගිහින් එන්නම්...
මම කවිදු
ඔබට ජය! 

Post a Comment

 
Top