අද මම දෙන්න යන ලිපිය සමහර අයට වැදගත් නොවෙන්නත් පුළුවන්,සමහර අයට වැදගත් වෙන්නත් පුළුවන්,

මෙන්න මේකයි කථාව...ලෝක ප්‍රකට IP Man චිත්‍ර පට මාලාවේ 3 වන චිත්‍රපටය මේ ජනවාරි මාසයේ එනවලු...
ඇත්තම කීවොත් මමත් හිතන් හිටියේ IP Man චිත්‍රපට මාලාවේ චිත්‍රපට 4 ක් නිකුත් වෙලා තියෙන්නෙ කියල,නිෂ්පාදකයින් කියන විදිහට ඇත්තටම මේක තමයි IP Man 3 වන චිත්‍ර පටය,කොහොම උනත් මීට කලින් IP Man 3 සහ IP Man 4 කියල චිත්‍ර පටි 2 ක් අන්තර්ජාලයේ දැකගන්න පුළුවන්,
ඒත් අපි එතනින් එහාට මේගැන කථා නොකර ඉමු.

ඔයාල දන්නවා ඇති IP Man කියන්නෙ බ්රූස්ලිගේ ගුරුවරයානේ...
ඉතින් මේ IP Man 3 චිත්‍රපටයේ බ්රූස්ලීත් ඉන්නවා,ඒ කොහොමද කියල ඔයාලට මම විස්තර කරන්න ඕන නැනේ,සරලව කීවොත් ෆාස්ට් ඇන්ඩ් ෆියුරස් චිත්‍රපට මාලාවේ 7 වෙනි චිත්‍ර පටයේ පෝල් රගපානව වගේ තමයි,

විස්තර ඇති කියල හිතෙනවා...
මෙන්න බලන්නකො ටේලර් වීඩියෝ එක...


චිත්‍රපටය නිකුත් වෙච්ච ගමන් ලින්ක් දෙන්නම්...
එතක් ඔබට ජය...

Post a Comment

 
Top