උණුසුම් පුවත්


හරි යාළුවනේ...කාලෙකට පස්සෙ නේද...අද මම දෙන්න හදන දේ ගැන ඔයාල දන්නවනේ...වැල් වටාරම් ඕන නෑ...මෙන්න එහෙනම්...

අපි සාමාන්‍යෙයන් පරිගණකයක් ගන්න බලන්න ගියාමත්,විවිධ වැඩ වලදි අපිට සිස්ටම් ඉන්පොමේශන් බලන්න උවමනා වෙනවා...ඉතින් ඔය වැඩේට අපිට මොකක් හරි සොෆට් වෙයා කැල්ලක් ඕනෙනෙ...ඔය මොකුත් නැතිව වැඩේ වෙන්නෙ මෙහෙමයි...

හරි ඉස්සෙල්ලාම ඔය මොකක් හරි පයිල් එකක් ගන්න...පින්තූරයක්,ශබ්ද ගොනුවක්,ඔය මොකක් හරි එකක්...(වැදගත් _ පෝල්ඩර් ගන්න එපා...)අපි මේ ගන්න පයිල් එකේ පයිල් ටයිප් එක නැත්තම් පයිල් එක්ස්ටෙන්ශන් එක... වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන... හරි ඔයාලට පයිල් එක රී නේම් කරන්න ගත්තාම පයිල් ටයිප් එක රී නේම් කරන්න දෙන්නෙ නැත්තම් පෝල්ඩර් ඔප්ශන් යටතේ හයිඩ් පයිල් එක්ස්ටෙන්ශන් කියන විදානේ...දාලා තියන හරිය ඉවත් කරන්න ඕන...වින් 8 වගේ ඔඑස් එකක්නම් පයිල් හයිඩ් කරපුවා පෙන්නන් දෙන්න ඕන විදානෙ තියන තැනට උඩින් තියනව මේකත්...
හරි දැන් ඔයාට පයිල් ටයිප් එක මාරු කරන්න පුළුවන්නම් නම රී නේම් කරන්න විදානෙ දිලා...පයිල් ටයිප් එක රී නේම් කරන්න...මෙන්න මෙහෙම....


sam.jpeg  -> sam.nfo

තෙරෙන්න ඇති කියල හිතනවා...ඒ කියන්නෙ පයිල් ටයිප් එක nfo කියල මාරු කරන්න....

හරි දැන් එන්ටර් කරන්න...
මැසේජ් එකක් එයි...ඒක ඕකේ කරන්න...

දැන් අපි හදා ගත්ත පයිල් එක ඩබල් ක්ලික් කරලා ඔපන් කරගන්න...

දැනුත් මැසේජ් එකක් එයි....ගනන් ගන්න එපා...එකත් ඔකේ කරන්න...

දැන් බලන්න එන වින්ඩෝ එකෙන් ඔයාගෙ පරිගණකයේ විස්තර සියල්ලක්ම පෙන්නනව නේද...

මේවගේ දේවල් දැන ගන්න අපිත් එක්ක දිගටම රැදිල ඉන්න...
මම ගිහින් එන්නම්...
එතෙක් ඔබට ජය...

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top