අද මම ඔයාලට දෙන්න යන්නේ අපි දන්න කියන කෙනෙක්ගේ අපි නොදන්න...හොද වැඩ ටිකක් ගැන විස්තරයක්...
ඒ ඔයාල දන්න කියන ගූගල් (Google) ආයතනය...
Google එක ගැන විස්තර කියන්න ඔනේ නැනේ...අපි එහනම් කෙලින්ම විස්තරේට බහිමු.
Google ලොව ජනප්රියතම සෙවුම් යන්ත්රය Google crome, Google Drive,Android වැනි නිමැවුම් වල නිමැවුම්කරුවා බව අපි දනිමු.කෙසේවුවත් ඔබ නොදන්නා Google හි ප්රොයොජනවත් ආකර්ශිණීය සේවාවන් රාශියක් ඇති බව දැන සිටියාද? Google හි “ 20 % time policy වැඩසටහනට අනුව සියලු Google සේවකයෝ සතියකට එක් දිනක් නව නිපැයුම් නිර්මාණය කිරීම සදහා යොදවති.මේ කිසා Google හි අප්රකට එහෙත් අගනා වැඩසටහන් රාශියක් අන්තර්ජාලයේ ඇත.
;මේ එයින් කිහිපයකි...
01)                        Google Tends visualizer[goo.gl/f54gv]
අමුතු ආකාරයේ NEWS සේවාවක් කිව හාකි මෙය හරහා ඔබට ලෝකයේ ඉතාමත් වේගවත් හා බොහෝදෙනා අතර පැතිරයන මාතෘකා මොනවාදැයි දර්ෂණය කරයි.බැලූ බැල්මට මෙය තරමක් වටහා ගැනීමට අපහසු වුවද ලොව වාඩාත්ම ජනප්රිය මාතෘකා මොකවාදැයි මේ හරහා දැන ගත හැකිය.

02)                        World wonders project[goo.gl/pqIN1C]
Google Earth හි street view උපයෝගි කරාගන නිර්මාණය කර ඇති සේවාවන් වන wrold wonders project හෙවත් ලෝක පුදුම වියාප්තිය හරහාඔබට ලෝකයේ පුදුමාකාර ස්ථාන වල ඡායාරූප අගනා 360o ක දෘශ්ඨි කෝණයකින් නැරබිය හැකිය

03)                        Google Public data Explore[goo.gl/dMK8xc]
විශ්වවිද්‍යාලවල සිසුන්ට,සමාජ විද්‍යාව හාදාරන්නට මෙන්ම සංඛ්‍යා දත්ත අවධානයේ සිටින අයට ගැලපෙන සේවාවක් වන මෙය ලෝක සංවර්ධක නිර්ණායක X හා y අක්ෂ වලට යොදා ගනිමින් එම නිර්ණායකවලට ලෝකයේ අයත්වන ප්රතිෂතයන් ප්රදේශ හා ජනකොට්ඨාශයන් පිළිබද අවබෝධයක් ලබා ගත හැක.

04)                       The Evolution of the Web [www.evlutionof the web.com
වෙබ් ඉතිහාසය,බ්රවුසර් වල ඉතිහාසය අන්තර්ජාල වෙබ් අඩවි හා බ්රවුසර් වල භාවිතා කරන තාක්ෂණයන්හි විකාෂය පිළීබදව සරලව හා ආකර්ෂණියව තොරතුරු ගෙන එන සේවාවකි.

05)                       Ingress[www.ingress.com]
2013 වසරේ හෙිදම Android පරිගණක ක්රීඩාවට ලෙසද තවත් සම්මානරාශියක් ලබාගත් Ingress යනු අප ජිවත්වන වටපිටාවම ක්රීඩාවකට හරවන Google හි නව නිපැයුමකි. Android හා ios සදහා සකසා ඇති මෙම ක්රිඩාව සමාජ ශාලා,ජීවන රටා හා ව්‍යායාම යන සංකල්ප රාශියක් එක් කොට නිර්මාණය කරණලද්දක් බව පැවසේ.

06)                       Google Sky / Google moon / Google Mars
Google Earth හරහා ප්රුථිව්ය නරබන ආකාරයටම චනද්රයා මත අගහරු ග්රහයා මත හා විශ්වය දෙස බැලීමට මෙම සේවාව හදුන්වා දි තිබේ.මේවාට පිවිසීමට ඔබට  Google තුළ Search කර ක්ශණිකව අදාල සේවාවට පිවිසිමට හැක.

07)                       Build Lego With Chrome[www.buildeithchrome.com]
ඔබ Lego හි Building Blocks මගින් විවිධ නිර්මාණ කිරිමට කැමතිද ? එසේනම් මෙම සේවාව හරහා ඔබට විවේකීව සිටින විට Lego Blocks සමගින් විවිධාකාර නිර්මාණ කිරීමේ හැකියාවක් ලබාාද්.









08)                       Google Art Project[goo.gl/4Gpfho]
ලොව සුප්ප්රකට කෘතුකාගාර 400 ක පමණ ඡායාරුප හා විස්තර අඩංගු මෙම සේවාව හරහා ලොව සුප්ප්රකට කලා කෘති ගනනාවක් ඔබේ දෑස් ඉදිරිපිට ඇති ලෙසට නිරීක්ෂණය කිරීමට ඒ පිළිබදව තොරතුරු ලබා ගැනීමටද හැකිය.

09)                       Google Earth Fliht Simulator


Google earth හි PC සංස්කරණය Download කර එහි Tools හරහා Enter flight Simulator විධානය ලබා දුන් පසු ඔබට මෙම සේවාව හරහා ගුවන් යානයක ගමන් කරන ආකාරයට Google ලෝක සිතියම නැරබීමට හැකිය.

උපුටාගැනීම ‍_Roo Pariganaka[2014 . 12]


Post a Comment

 
Top