අද මම දෙන්න යන්නේ....වි්නඩෝස් ගෙ අයිතිහාසික ඉතිහාසය ගැන...
මේකට විස්තර ලබා ගත්තේ රූ සගරාවෙන්...

මම ඔබෙන් මුලින්ම කෙටි ප්‍රශ්නයක් අහන්නම්. ඔබ දැනට භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය කුමක්ද? බොහෝ දෙනෙක්ගේ පිලිතුර මයි‍ක්‍රොසොෆ්ට් වින්ඩෝස් වනු නොඅනුමානයි. එහෙත් අප බොහොදෙනෙක් වින්ඩෝස්හි මුල් අනුවාදයන් පිලිබඳ දැනුවත් නැහැ. එමනිසා අපි අද ඔබට වින්ඩෝස්හි ඉතිහාසය පිලිබඳ තොරතුරු කියන්නම්.

වින්ඩෝස් 1


වින්ඩෝස්හි වර්ණ සහිත අතුරු මුහුණතක් ඇති ප්‍රථම වින්ඩෝ එක වෙයි. මෙම අනුවාදයේ 16-bit අතුරු මුහුණතක් සහිත අතර ප්‍රමාණයෙන් 1MB වලට වඩා අඩුවෙයි. අප වර්තමානයේ භාවිතා කරන මුලික පරිඝණක වැඩසටහන් වල තවමත් මෙම වින්ඩෝස් 1.01 අනුවාදය භාවිතා වෙයි. මෙහි පේන්ට්, නෝට්පෑඩ්, ක්ලිප්බෝඩ් සහ වර්ඩ්පෑඩ් වලට සමාන වර්ඩ් ප්‍රොසෙසරයක් දක්නට ලැබින. ඊට අමතරව ඔරලෝසවක්, කැලැන්ඩරයක් , කොන්ට්‍රොල් පැනල් එකක් සහ රිවර්සි නම් ගේම් එකක් අන්තර්ගත විය.‍ වින්ඩෝස් 1.01හි නව අනුවාදයන් රැසක් පැමිණියත් මෙහි අතුරු මුහුණත 2001 දෙසැම්බර් 31 මෙය ඉවත් කරගන්නා තුරු වසර 16ක්ම භාවිතා විය.

වින්ඩෝස් 2


මෙහි දක්නට ලැබුනු ඇප්ලිකේෂන් වන්නේ වින්ඩෝස් සඳහා එක්සෙල් සහ වර්ඩ්ය. එය වඩාත් සාර්ථක වු අතර එය වෙනස්කිරිමේ හැකියාවක් සහිත ස්ක්‍රීන් වලින් යුක්තයි.

වින්ඩෝස් 3



වින්ඩෝස්හි තෙවැනි ප්‍රධාන නිකුතුව වන මෙය 1990 මැයි 22 වන දින එලිදැක්වු අතර ඇපල් සමඟ තරග කල හැකි ග්‍රැෆික්ස් සහිත අතුරු මුහුණත් මෙහි දක්නට ලැබිනි. මෙම පද්ධතියේ ලිපිගොනු කලමණාකරණය සඳහා ෆයිල් මැනේජර් සහ වැඩසටහන් කලමණාකරණය සඳහා ප්‍රොග්‍රෑම් මැනේජර් දක්නට ලැබෙන අතර මල්ටිමීඩියා එක්සටෙන්ෂන් පසුකාලීනව මෙහි අන්තර්ගත වීය. ඊට අමතරව CD රොම් එක සහ සවුන්ඩ් කාඩ්ද එක්වීය.

වින්ඩෝස් 95



චිකාගෝ යන කේත නාමය සහිත වින්ඩෝස් 95 සම්පුර්ණ ග්‍රැෆික් සහිත පරිශිලක අතුරු මුහුණතක් හෙවත් ග්‍රැෆිකල් යුසර් ඉන්ටර්ෆේස් එකක් සහිතයි. වින්ඩෝස් 95හි අන්තර්ජාල පහසුකම් සහිතය. පද්ධතියට සම්බන්ධ කිරිමෙන් පසු ක්‍රියාත්මක වන ප්ලග් ඇන්ඩ් ප්ලේ පහසුකම නිසා නව දෘඩාංග සහ මෘදුකාංග ස්ථාපනය කිරීම වඩාත් පහසුවෙන් සිදුකල හැකිය. එය 32-bit සහ 16-bit අතර හුවමාරුවීමේ හැකියාව සහිතයි.

වින්ඩෝස් 98



මේම්පිස් නම් කේත නාමයෙන් යුත් මෙහි මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙනු ලබන්නේ “නියම වැඩකාරයෙක්” ලෙසයි. පරිභෝගිකයන් සඳහාම නිර්මාණය කල මෙහි වෙබ් බ්‍රව්සරයක්ද සහිත විය. එය ඉන්ටර්නේට් එක්ස්ප්ලෝර්ය. මෙහිදි මයික්‍රොසොෆ්ට් ඒකාධිකාරය වෙනුවෙන් නඩු යැමටද සිදුවිය.

වින්ඩෝස් 2000



වින්ඩෝස් 2000 නිර්මාණය කරනු ලබන්නේ වින්ඩෝස් 95,98 සහ NT වර්ක්ස්ටේෂන් 4.0 වල වෙලද ආකාරය ලෙසයි. මෙහි ප්‍රධාන ලක්ෂණ නම් භාවිතයේ පහසුව, විශ්වාසනීයත්වය, අන්තර්ජාල පහසුකම සහ ජංගම පරිගණක පහසුකමයි.

වින්ඩෝස් ME



වසර 2000 දී එම ශතවර්ෂය සමරන මෙම මිලෙනියම් එඩිෂන් එක මයික්‍රොසොෆ්ට් සමාගම විසින් හඳුන්වා දෙන ලදි. මෙම අතුරු මුහුණතේ හොම් නෙට්වර්කින්, සංගීත සහ විඩියෝ වල වැඩි දියුණු කිරිම් සහිතය.

වින්ඩෝස් XP



2001 වසරේදී වින්ඩෝස් XP ප්‍රොෆෙෂනල් එලි දැක්වු අතර එහි රිමෝට් ඩෙස්ක්ටොප් සහාය දැක්වු අතර එන්ක්‍රිප්ට් කරන ලද ෆයිල් සිස්ටම් එකක් සහ සිස්ටම් රිස්ටෝ පහසුකම් සහිතය. එය නව පෙනුමකින් නවතාවයකින් එලි දැක්විය.

වින්ඩෝස් විස්ටා



වින්ඩෝස් විස්ටා යනු තවත් දැකුම්කළු වින්ඩෝස් නිර්මාණයකි. ලෝන්ග්හෝන් නම් කේත නම දරන වින්ඩෝස් විස්ටා නිර්මාණය සඳහා වසර 5ක් ගතවී ඇත .දිගු කාලීන විරාමයකින් පසු වැඩිදියුණු කල ග්‍රැෆිකල් යුසර් ඉන්ටර්ෆේස් එකක් සහිතව එලිදැක්වුනු මෙහි “ඇරෝ” නමැති නව දෘෂ්‍ය ශෛලියක් සහිත වු අතර DVD ප්ලෙයරයක් සහ peer-peer තාක්ෂණයද එයට තවත් වටිනාකමක් එක් කලේය.

වින්ඩෝස් 7



බැලැක්කෝම්බ් නමැති කේත නාමය සහිත මෙම මෙහෙයම් පද්ධතිය අවුරුදු 2කට පසු 2009 වසරේදී එලි දැක්විය.

වින්ඩෝස් 8



2012 වසරේ ඔක්තෝම්බර් මසදී මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 8 නිකුත් කෙරිනි. වින්ඩෝස් 95 නිකුතුවෙන් පසු අතුරු මුහුණතේ සිදුවු විශේෂිතම වෙනස්කමක් ලෙස සැලකිය හැක. වින්ඩෝස් ෆෝන් සදහා මිට පෙර භාවිතා කෙරිණි.

වින්ඩෝස් 10



මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 9ක් නිකුත් කර නොතිබු අතර කෙලින්ම වින්ඩෝස් 10 වෙත යොමුවිය. 2014 වසරේ සැප්තැම්බර් මස එලි දැක්වු වින්ඩෝස් 10හි දෙයාකාරයකි. එක් ආකාරයක් ස්පර්ෂයෙන් ක්‍රියාත්මක වන ටැබ්ලට් සඳහා වන අතර අනෙක මවුසයෙන් හා යතුරු පුවරුවෙන් ක්‍රියාත්මක වන පරිගණකය සඳහාය. එහිදි වින්ඩෝස් 8 ටයිල් මෙනුව වෙනුවට නැවත වඩාත් ප්‍රසිද්ධ ආරම්භක මෙනුව(start menu) යොදාගෙන ඇති අතර 2015 ජුලි 29 වන දින එලිදැක්වීමට නියමිතය.


Post a Comment

 
Top