තර්කික ද්වාර..පළමු පාඩම

තව ටික දවසයිනෙ ජී අයි ටී විභාගෙට තියෙන්නෙ ඔන්න ඒ හන්දා මම ඔයාලට කලින් කියපු විදිහටම ද්වාර පාඩමක් අරන් අවා...මෙන්න පළමු පාඩම
එහෙනම් පටන් ගමු...
ඔයාල දන්නවනේ විවිධ ද්වාර වර්ග කිහිපයක්ම තියනව කියලා...ඔන්න ඒ අතුරින් ප්‍රධාන වෙන 3 ක් තියනවා...ඒ තමයි
                                                1 AND

                                                            2 OR

                                                            3 NOT

දැක්කනේ එයාලගෙ සංකේතත් එක්කම...
ඔය පින්තූර වල ඔයාල දකින්න ඇති සමහර ඒවගේ පිටිපස්සෙන් ඒ කියන්නේ වම් පැත්තෙන් ඉරි දෙකකුත් සමහර ඒවගේ එක ඉරකුත් තියනවා...ඔය ඉරි කෑල්ලක් තමයි අපි ඉන් පුට්.(In Put)එකක් විදිහට සලකන්නෙ..‍.තේරුනානෙ නේද...එතකොට ඉස්සරහින් මම කියන්නෙ දකුණු පැත්තෙන් තියෙන්නෙ අවුට් එක...(Out Put)හරිද සරලයි නේ...හරි ඊට පස්සෙ යන් අපි සංකේත ටික මතක තියා ගන්න...හරිම ලේසියි...
මෙහෙමයි...ඔයාලට කලින් කියල දුන්න වගේ පිටිපස්සෙන් නේ In Put තියෙන්නෙ...ඔය In Put තියන පැත්ත තනි සරල රේකාවක් නම් ඒක AND එක...
ඒ පැත්තම පොඩි කවාකාර හැඩයක් ගන්නවනම් අන්න ඒක OR එක...
In Put එකක් විතරක් තියන එක NOT එක...තේරුනානෙ හරිම සරලයි...මම කීව ඒ හැඩතල කවදාවත් මොනම විභාගයකදී වෙනස් වෙන්නෙ නෑ...දැන් මතකයි නෙ සංකේත...එහෙනම් බලමු මේවයෙන් සිදුවෙන්නෙ මොනාද කියල...
AND එක...
මම මේ පින්තූරයේ දාල තියන විදිහටම

අපි ඩොට් අදහස් කරන්නෙ ගුණ කිරීමනේ...මේ ගේට් වලට තියනවා සත්‍යතා වගු කියල ජාතියක්...ඒවගෙන් තමා ඔප්පු කරන්නෙ සත්‍ය බව...මේ AND ගේට් එකේ සත්‍ය බව ඔප්පු කරන්නත් සත්‍යතා වගුවක් තියෙනවා...ඔයා හිතන්න A සහ B ගුණ කොරත මොකද්ද අපිට ලැබෙන උත්තරේ...AB නේ...හරි එහෙනම් 0 යි 5 ගුණ කොලොත් උත්තරෙ මොකද්ද...0 යි නේ...එතකොට 0 යි 1 යි ගුණ කොරොත් කීයද ?.......
0 යි...නේ...දැන් තේරුනාද කාරනේ...ඔනම සංඛ්‍යාවක් 0 වෙන් ගුණ කොරොත් උත්තරේ 0 ක් වෙනවා...ඉතින් මේ 0 ව 1 කියන්නෙ විදුලිය ඇති නැති බවනෙ...එතකොට A වලින් විදුලිය ඇවිල්ලා B වලින් විදුලිය ලබා දුන්නෙ නැත්තම් මෙයා කියනව විදුලිය නෑ කියලා...
ඒ වගේ ම A වලින් විදුලිය ඇවිත් නැතුව B වලින් විදුලිය ආවත් මෙයා කියනවා විදුලිය නෑ කියල...
ඒ වගේම A වලිනුයි B වලිනුයි දෙකෙන්ම විදුලිය ලබා දුන්නෙ නැත්තම් එතකොටත් මෙයා කියනව විදුලිය නෑ කියල..එතකොට කොයි වෙලේටද විදුලිය තියනව කියන්නෙ...මෙන්න මේ වෙලේට...
A ගෙයි B ගෙයි දෙන්නගෙන් ම විදුලිය එනවනම් එතකොට කියනවා මෙයා...විදුලිය එනව කියලා...දැන් මේ සත්‍ය තා වගුව බලන්න තේරෙනවද කියල...
A
B
AB
0
0
0
0
1
0
1
0
0
1
1
1
බලන්න මෙයාගෙ අවස්ථා 4 න් 1 කදි විතරයි මෙයා විදුලිය තියනවා කියල තියෙන්නෙ...
හොදට මතක තියා ගන්න 1 කියන්නෙ විදුලිය තියනවා...0 කියන්නෙ විදුලිය නෑ කියන එක...
මේ කට තියනව තව දෙයක් බලන්න ඔයාලට පුළුවන් වෙයි මේකෙන් ඒක හොදටම තේරුම් ගන්න...


බලන්න මේකෙ A ස්විච් එක විතරක් දැම්මොත් මොකක් වෙයි ද...මම කියන්නෙ බල්බ් එක පත්තුවෙයිද ? නැද්ද ?
බල්බ් එක පත්තු වෙන්නෙ නෑ...
එතකොට B ස්විච් එක විතරක් දැම්මොත්...ඒත් බල්බ් එක පත්තු වෙන්නෙ නෑ...
ඒ කියන්නෙ ඔයාල කොහොමත් දන්නවනේ ස්විච් දෙකම නොදා කොහොමත් පත්තු වෙන්නෙ නැති වග...
එතකොට ස්විච් 2 ම එකපාර දැම්මොත්...
එතකොට බල්බ් එක පත්තු වෙනවා...නේද...
ඔන්න ඔය ටික තමයි AND Gate එකෙන් වෙන්නෙ...සරලවම කීවොත් AND Gate ගුණ කිරීම...නේද...මන් හිතනවා ඔයාල අද මම මේ රෑ නිදි මරාගෙන කරපු දෙයින් වැඩක් කර ගනී කියලා...ඉතිරි ගේට් ගැන ඊලග පාඩමෙන් කතා කරමු...

2014 GIT ප්‍රශ්ණ  පත්තරය ගන්න මෙතෙනින් යන්න...

තව යාළුවන්ට දැනගන්න ශෙයාපාරකුත් දාගෙනම යන්න...තව දැනගන්න දෙයක් තියනවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න...
අම්මෝ මටනම් තව ලියන්න බෑ...1 ටත් කිට්ටුයි...මම යනවා...

ඔබට ජය...

ඔන්න මම දෙවෙනි පාඩමත් ගෙනාව...ඔයාලට පුළුවන් වටෙන් යන්නෙ නැතුව මෙතෙනින් ගිහින් ම බලන්න...මේක මතක් තරපු යාළුවට ගොඩක් ස්ථුතියි...

Post a Comment

 
Top