ද්වාර පාඩම 2

ඔයාලට මතක ඇතිනේ පළවෙනි පාඩමේ අපි කීවේ අන්තිමට AND ගේට් එක ගැනනේ...ඔන්න ඒක බලල නැත්තන් මෙතෙනින් ගිහින් ඒකත් බලල එන්නකො...

මම අන්තිමට කිවේ...ඇන්ඩ් ගේට් එක ගැනනේ...ඔය ඇන්ඩ් ගේට් එකේ ඉන් පුට් 2 යි අවුට් 1 යි විදිහටනේ මම පින්තූරෙ දුන්නෙ...OR ගේට් එකේවත් ඇන්ඩ් ගේට් එකේවත් අවුට් පුට් ගාන වෙනස් වෙන්නේ නෑ...හැම තිස්සෙම එකයි...ඉන්පුට් ගාන අඩුම උනොත් 2 ක් වෙයි...උපරිම ගානක් නෑ...හොදට මතක තියා ගන්න...


හරි අපි ඒත් එක්කම යන් අපේ ප්‍රධාන 2 වෙනි ගේට් එක බලන්න...මොකද්ද...OR ගේට්....එක....

හරි ඕර් ගේට් එක සරලවම කීවොත් එකතු කිරීම...අපි කෙලින්ම යන් සත්‍යතා වගුවට...
A
B
A+B
0
0
0
0
1
1
1
0
1
1
1
1
හොදට බලන්න මේ වගුවේ උත්තර තීරුවේ 3 ක් ම ඇවිත් තියෙන්නෙ...1..මතකයිනේ මම කලින් කියල දුන්න වගේ 1 කියන්නෙ විදුලිය තියනවා...0 කියන්නේ විදුලිය නෑ...


හරි දැන් අපිට තේරෙන්නෙ මොකදුද...ඕර් ගේට් එකේදී මොකෙන් හරි විදුලිය එනවනම් එයා කියනවා විදුලිය එනවා කියල නේ...ඒ කියන්නෙ පාරවල් 2 මොකෙන් විදුලිය ආවත් විදුලිය තියනව...අන්න ඒක තමා ඇන්ඩ් එකෙයි මේකෙයි වෙනස....ඇන්ඩ් එකේ විදුලිය තියනව කියන්නම් පාරවල් 2 න් ම විදුලිය එන්න ඕන...එක පාරකින් විතරක්  ආවට බෑ හැම පාරෙන් ම එන්න ඕන....

ඕර් එකේදි එහෙම නෑ...එයා එක පාරකින් විතරක් ආවත් පාරවල් 2 න්ම ආවත් එයා කියනවා විදුලිය අවයි කියල...
මේ 2 ම සමාන කම තමයි පාරවල් 2 ම විදුලිය එන්නෙ නැත්තම් විදුලිය නෑ කියල කියන එක....
හරි අපි දැන් යන් ඕර් ගේට් එකේ පරිපථය බලන්න...



බලන්න මේ පින්තුරේ A B  කියල ස්විච් 2 ක් තියනවා...මේ ස්විච් වලින් එකක් නොදා හිටියො බල්බ් එක පත්තු වෙනවද නැනේ...
එතකොට A ස්විච් එක දැම්මොත් බල්බ් එක පත්තු වෙයිද...
පත්තු වෙනවනේ...
එතකොට B ස්විච් එක විතරක් දැම්මොත් බල්බ් එක පත්තු වෙයිද...
ඒත් පත්තු වෙනවනේ...
එතකොට එකපාර ඔය ස්විච් 2 ම දැම්මොත් ඒත් මේ බල්ල් එක පත්තු වෙනවා....
එහෙනම් මේ  බල්බ් එක පත්තු නොවී තියෙන්නෙ ස්විච් 2 ම නොදා තිබ්බොත් විතරයි නේ...තේරුනානේ....නේද

හරි ඔන්න ඕක තමයි ඕර් ගේට් එක කියන්නේ...
දැන් අපි යමු ප්‍රධාන 3 වෙනි ගේට් එකට...NOT  ගේට් එක...


දැන් ඇති නේ මේ ටික හොදට මතෙකේ තියා ගන්නකෝ මන් ගිහින් එන්නම්...
හරි එහෙනම් 3 වෙනි පාඩමෙන් ඉතිරි එවා ගැන කරමු

පළමු පාඩම බලන්න මෙතනින් යන්න...




Post a Comment

 
Top