ද්වාර පාඩම 3

අද මම ගෙනාවෙ ද්වාර පාඩමෙ 3 වෙනි කොටස....මේ දවස් වල වැඩ ගොඩගැහිලා...ඒකයි ටිකක් පරක්කු උනේ... ඔයාල පලවෙනි දෙවෙනි කොටස් බැලුවෙ නැත්තම් පල්ලෙහා දිලා තියන ලින්ක් වලින් යන්න...
පළමු පාඩම - මෙතෙනින්
දෙවන පාඩම - මෙතෙනින්
හරි අපි අන්තිමට කතා කලේ නොට් ගේට් එක ගැනනෙ...අද මම ඒක හදුන්වා  දෙන්නම්...මෙන්න ආයෙත් පින්තූරෙ දිහා බලන්න...

බලන්න ඔය පින්තූරෙ වෙනස් කම් මොනවද කියලා....
ඉන් පුට් තියෙන්නෙ එකක් විතරයි නේ....
ඒ කියන්නෙ මේ ද්වාරයට ඇතුල් කරන්න පුළුවන් එක සිග්නල් එකයි....හරි මේකෙන් වෙන්නෙ මොකද්ද කියල බලමු...හරි මම සරලව කියන්නම්....ඔයා මොකක් කිවුවත් මේක හරහා ගියාම එන්නෙ ඒකෙ විරුද්ද දේ...හරි ඔයා ගැහැණු කියල කියනව කියල හිතමු...එත කොට මොකද්ද මොකද්ද ඔකේ විරුද්ධ වචනේ පිරිමි නේ ....එතකොට මේකෙ අවුට් පුට් එක පිරිමි...හරිනේ...
අපි යමු මේකෙ සත්‍ය තා වගුවට...
ඉන් පුට්
අවුට් පුට්
0
1
1
0

දැන් ඔයාලට මෙහෙම ප්‍රශ්ණයක් එයි...
0 වේ විරුද්ද දේ 1 වෙන්නෙ කොහොමද...1 විරුද්ද දේ -1 නෙමේද කියල....
හරි ඔයා හිතන්න අපි මේ අරන් තියෙන්නෙ අංක නෙමේ කියල....මේ 1 කියන්නෙ විදුලිය තියනව කියන එක...එකේ විරුද්ද දේ තමයි විදුලිය නැ කියන එක...ඒ කියන්නෙ 0 කියන එක...හරිනේ...
දැන් බලමු මේකෙ පරිපථය...

බලන්න මේකේ....බැටරියෙන් විදුලිය දීලා තියන හින්දා දිගටම සම්බන්ද වෙලා තියන හන්දා...බල්බය පත්තු වෙලාමයි තියෙන්නෙ...ඔයාල සාමාන්‍යයෙන් දන්නවානේ...බල්බ් එකක් පත්තු වෙද්දි ඒ බල්බ් එකේ අග්‍ර එකට ගෑ වුනොත් මොකද වෙන්නෙ...බල්බ් එක නිමෙනවා නේ...මෙතෙනදිත් ඒකමයි වෙන්නෙ...ඔයා හිතන්න ඔයාට ගමන යන්න තියන පාරට මෙහායි ඊට වඩා කෙටි පාරක් හැදුවොත් ඔයා අර දිග පාරෙන් යන්නෙ නැනෙ...නේද...ඒ වගේම ඔයා යන පාර ලග පාරක් උනත් ඊට දුර පාර ඊට වඩා හොදනම් මම කියන්නෙ වේගෙන් යන්න පුළුවන් නම් ඔයා ඒ පාරෙන්නෙ යන්නෙ නේද...

අන්න ඒ වගේ බල්බ් එක කියන්නෙ යම් ප්‍රතිරෝධයක් තියන දෙයක් නේ නේද....ස්විච් එකේ ප්‍රතිරෝධයක් නැති තරම්නේ...ඉතින් මේ පරිපතයේ ස්විච් එක දැම්ම සැනින් බල්බය නිවී යනවා නේද...තේරුනානේ...එතකොට ස්විච් එක විවෘත්‍රව මම කියන්නෙ ඕෆ් කරල තියනකම් බල්බ් එක පත්තු වෙනවා නේ....


අදට පොඩ්ඩක් නවත්තමු...මම ඔයාලට දෙයක් කියන්න හිටියේ...මේ පාඩම් මාලාවේ 3 වෙනි පාඩමනේ...මේ කෙ පළමු පාඩම් දෙකට ඇවිල්ලා බලපු අය ඕන තරම්...ඒත් එක්කෙනෙක්වත් කමෙන්ට් එක දාලා තිබ්බෙ නෑ...ඒ නිසා මම හිතුවා මේ පාඩමටත් එක කමෙන්ට් එකක් හරි නොතිබුනොත් මේ පාඩම් ටිකක් පරක්කු කරන්න...මම හිතුවේ විභාගේ අත ලග හින්දා පාඩ්ම ටික ඉක්මනින් ඉවර කරන්න...ඒත් මේවා කවුරුත් කියවන්නෙ නැත්තම් ඒක බොරු වැඩකනේ නේද...
මම ඒකයි නිතරම කියන්නෙ ඔයාලගේ ප්‍රශන්සාවයි ගැරහීමයි දෙකම වටිනවා කියලා...ඔයාල මේක කියෙව්වොත් තනි අකුරක හරි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා...හරි ඔයාලට මේ පාඩම් වලින් හරි මොනම දෙයක් ගැන හරි ප්‍රශ්න තියනවනම් ඒවත් කමෙන්ට් කරන්න...

මෙන්න මෙතෙනින් පළවෙනි පාඩමේ PDF එක ගන්න

මෙන්න මෙතෙනින් දෙවෙවෙනි පාඩමේ PDF එක ගන්න

මෙන්න මෙතෙනින් තුන්වෙනි පාඩමේ PDF එක ගන්න

මම ගිහින් එන්නම්

ඔබට ජය....

Post a Comment

 
Top