ගූගල් සමාගම මුළු ලංකාවටම අන්තර්ජාල පහසුකම් දෙන ආකාරය.

ඉතින් යාලුවනේ ඔන්න...ඉතින් කිව්වට ඔයාල මාව දන්නේ නැනෙ නේද...ඇ මොනව මාව දන්නව...ආ අපේ අර මල්ලියා මා ගැන එහෙන් මෙහෙන් කියන්න ඇති...ඒක තමයි මේ...

හරි ඔන්න මදැයි කතා කොලා...ඈ
ඉතින් ඔය දැන් කීව වාක්‍ය අන්න ඒක කියන කතාව බල බලා ආතල් එකේ මම ඉද්දි මෙන්න මගේ යාලුවෝ ඩබලක් අපේ දිහාට දක්කනවා...ඈ
දඩි බිඩි ගාල මන් පුටුවෙන් නැකිටල කමිසයක් දාගත්තා...නැත්තන් දන්නවනේ අපේ උන්ගේ හැටි...
ඉතින් මෙවුන් දෙන්න ගෙට ලන් වෙද්දි මට ඇහෙනව කියනව :බලහන් ඔය අපේ රටෙත් ඉන්ටනෙට් නිකන් දුන්නම මක් වෙනව ද :කිය කියා...එතකොට අනිකා කියපි...:ඇයි බන් උබ දන්නෙ නැද්ද අර ගූගල් නිකන් ඉන්ටනෙට් අපිට දෙන්න හදන්නෙ කියල...:ඉතින් මාත් පඩිය වගේ මැද්දට පැනල අහපි...උබල මොනාද ඒ ගැන දන්නේ කියලා...ඉතින් මුනුත් මටම කෙලින්නා වගේ කියපි...අපි දන්නෙ එච්චර තමයි බන් කියල...මටත් මොකැ ඉතින් කියල මාත් පටාන් ගත්ත විස්තරේ මෙන්න මෙහෙම...මෙහෙමයි කාරනේ...

ගූගල් ලගේ Project Loon කියල බැලුන් වලින් ලෝකයටම අන්තර්ජාලය දෙන වැඩසටහන එක්ක ශ්‍රී ලංකාව මේ ඉයියෙ පෙරේදා අවබෝධතා ගිවිසුමකට එළඹුණා. එකෙන් LTE තාක්ෂණය තියන අධිවේගී අන්තර්ජාල සබඳතාවකින් මුළු ලංකාවම ගූගල් ලා ආවරණය කරනවලු.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව වෙත යෝජනා කර තිබෙන්නේ ෆේස්බුක් සමාගමේ ආරම්භකයෙකු කියල සලකන චමත් පළිහපිටිය කියන ශ්‍රී ලාංකික තරුණයායි. ගූගල් මෙම ව්‍යාපෘතියට ඉවර කරාට පස්සෙ සම්පූර්ණ රටකට අන්තර්ජාල පහසුකම් සැපයූ ලොව පළමු රට ශ්‍රී ලංකාව වෙනවලු.
Project Loon ක්‍රියාත්මක වන්නේ කෙසේද?

තාක්ෂණය

1.
විශේෂයෙන් නිමවන ලද බැලුනයක් ගුවන් යානා ගමන් කරන සීමාවට ඉහළින් වායු ගෝලයේ රදවනු ලබනවා. (පොළොවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 20 ක උසින් )

2. අනතුරුව සුළගේ ස්ථර සමග බැලුනය ස්ථානගත කරන අතර එය නිවැරදි දිශාවට යොමු කරන්නේ විශේෂ මෘදුකාංගයකින්.

අන්තර්ජාල සබදතාවය

වායුගෝලයේ ස්ථානගත කළ බැලුනය අදාළ ප්‍රදේශයේ ඇති අන්තර්ජාලය සපයන ආයතන සමග සම්බන්ධවනවා. එම ආයතනවල උපකරණ මගින් ලබාගන්නා LTE සංඥා (wireless communications technology) යළි පොළවේ සිටින ග්‍රාහකයින්ට ලබා දෙන්නේ මෙම බැලුන හරහායි.

ගූගල් සමාගමට අනුව කිලෝ මීටර් 40 ක විශ්කම්භයක් සහිත ප්‍රදේශයකට එක් ස්ථානයකින් ලබා ගන්නා සංඥා බැලුනයකට බෙදා හැරිය හැකියි.

සාර්ථකත්වය

මෙම ව්‍යාපෘතිය ගූගල් සමාගම 2013 ජූනි මස නවසීලන්තයේදී ආරම්භ කළා. එහි සාර්ථකත්වය මත ලොව ස්ථාන කිහිපයක මේ නියමු ව්‍යාපෘතින් ක්‍රියාත්මක වූ අතර ඇතැම් බැලුන කඩා වැටුණු අවස්ථාද වාර්තා වෙලා තියනව.
ඔන්න ඔකයි විස්තරේ...මචො
මෙව ඉතින් මගෙන් විතරයි හොදේ...මොකක් හරි අවුලක් තියනවනම් පහලින් කියල ලියලා තියල යන්න හොදේ...ශෙයා පාරකුත් දාල හෙම යන්න...දන්නෙ නැති දෙයක් ගැන එහෙම දැන ගන්න ඕනනම් අපේ මුහුණු පොතට එකතු වෙන්න...

Post a Comment

 
Top