අද මන් කියල දෙන්න හදන්නේ එදිනෙදා අපට වැදගත් වෙන දෙයක්...ඔව් ඒ ඇත්තටම BIOS Menu එක ගැන තමයි...

අද මම කියල දෙන්නෙ කොහොමද first boot device එක මාරු කරන්නේ කියල....
ගොඩක් වෙලාවට ඔයාග දැකල ඇති.BIOS Menu වර්ග කිහිපයක්ම තියනවා කියල...ඒ ඔක්කම තේරුම් ගන්න පුලුවන් සරල විදිහකට මම කියල දෙන්නම්...

1 වන පියවර. පරිගණකය ඔන් කරන්න,එසැනින් යතුරු පුවරුවේ "F1 , F2 , DEL" යන කී 3 එක වරකට 1 බැගින් නොකඩවා තදකරන්න

(සැලකිය යුතුයි---මෙම කී වලින් BIOS Menu එකට අදාල වන්නේ එක කී එකක් පමණක් වන අතර එම කී එක පරිගණකයෙන් පරිගණකයට එහි වර්ගය අනුව වෙනස් වේ...කෙසේ වෙතත් සම්මතයේ ඇත්තේ මා මුලින් සදහන් කල කී 3 වන අතර ඒවායෙන් BIOS Menu දිස් නොවේ නම් මෙම කී ද එම ආකාරයෙන් තද කර බලන්න---"ESC , F8 ,F10" (බොහො විට පරිගණකය ඔන් වීමේදි BIOS Menu වට පිවිසීමට අවශ්‍ය කී එක පෙන්වනු ලැබේ.)






ඔබ නිවැරදි කී එක තද කෙරුවේනම් මෙම ආකරයේ ස්ක්රීන් එකක් දර්ශනය වේ...


1

2

මෙයට පිවිසුනානම් ඉදිරියට යමු...

ඔබට පේනවා ඇති ඉහල තිබෙන පින්තුර 2 මා අංකනය කර තිබෙනවා...ඒ තමා අපි එදිනෙදා දකින BIOS Menu වර්ග 2.අනෙක් ඒවා සුලු සුලු වෙනස් කම් සහිතයි...

අපි ඉස්සෙල්ලා පලමු පින්තූරෙ අකාරය කරල බලමු....

2 වන පියවර.දකුණට හා වමට තියන ඇරො කී බාවිත කරල boot කියන tab එක සිලෙට් කරන්න...
    2 වෙනි පින්තූරෙ තියන අය පහල එක පාරක් ඇරො කී එක තදකරල Advanced BIOS Features කියන එක උඩ එන්ටර් කරන්න...

1 පින්තුරෙ අයට මේ වගෙ එකක් එයි...

1

2 පින්තුරෙ අයට මේ වගෙ එකක් එයි...

2



3 වන පියවර.1 පින්තූර අය ආයෙ පාරක් එන්ටර් කරන්න....2 පින්තූරෙ අය First Boot  Device එක තෝරල එන්ටර් කරන්න...

1 පින්තූරෙ අයට මෙහෙම එකක් එයි....


නැත්තම් මේ වගේ එකක්...


අ පින්තුරෙ අපු අය 1st Boot  Device කියන එක උඩ එන්ටර් කරල ඇරො කී වලින් තෝරන්න මොකද්ද Boot කරන්න ඔනෙ කියල....

ආ පින්තුරෙ ආපු අය මුලින් Boot කරන්න ඕන එක ඇරො කී වලින් සිලෙට් කරල "+" කී "-" කී එකයි (ධන ,රින) පාවිච්චි කරල උඩටම  දාන්න....


2 වෙනි පින්තුරෙ අපු අයට මෙහෙම එයි...පොඩි වින්ඩෝ එකක්.


එකෙන් මුලින් Boot කරන්න ඕන එක ඇරො කී වලින් සිලෙට් කරල එන්ටර් කරන්න...

4 වෙනි පියවර. 1 පින්තූරෙ අය ඔක්කම ඉවර වෙලා "F10" එක පාරක් තද කරන්න...ඊට පස්සෙ එන වින්ඩො එකෙන් Yes තොරල එන්ටර් කරන්න....



පින්තූරෙ අයත් ඔක්කම ඉවර වෙලා "F10" එක පාරක් තද කරන්න...ඊට පස්සෙ එන වින්ඩො එකෙන් "Y" කී එක තදකරන්න...
ඔබට ලැබෙන වින්ඩෝ එක මෙවැනි පෙනුමකින් යුක්ත වේ....



සියල්ල නිවැරදිනම් ඔබ 4 වන පියවර ලබා ගත් සැනින් රීස්ටාට් වේ....නැවත ඔන් වීමේදි ඔබට අවශ්‍ය උපාංගය බූට් වනු ඇත...

අලුත් පන්නයේ 3D BIOS තුල මෙය මීට වඩා වෙනස් වේ දැනගන්න අවශ්‍ය කෙනෙක් ඇත්නම් කමෙන්ට් එකක් දමන්න....


Post a Comment

 
Top